25 Feb 2016

කොරියාවේ සිටින ඔබට බලපාන කම්කරු නීති

ජාතික කමිකරැ සබදතා පනත, සම්මත කමිකරැ පනත, අවම වැටුප් පනත, කාර්මික සුරක්ෂිතතා පනත, සෞඛ්‍ය පනත ආදී පනත් සේවයේ නිරත ඔබට අදාළවේ. දිනකට පැය 8 බැගින් සතියකට පැය 40 ක කාලයක් සේවය කළයුතුය. පාර්ශව අතර එකගතාව මත මෙම කාලය වෙනස්විය හැකිය. 
අතිරික්ත සේවා, රාත්‍රී සේවා (22:00 -06:00) හෝ නිවාඩු දින සේවා වෙනුවෙන් අතිරික්ත ගෙවීමක් ලබාදිය යුතුය. නීතියෙහි සදහන් අවම වැටුපට වඩා වැඩි වැටුපක් ලබාදිය යුතුය. වැටුප නිශ්චිත දිනට මුදලින් හෝ බැංකු ගිණුමකට බැර කිරීමෙන් ලබාගත හැකිය.
සේවා ගිවිසුමට පටහැනිව ක්‍රියා කිරීම, අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම වැනි සේවා යෝජකයා සිදුකරන අසාධාරණයකදී සංක්‍රමණික ඔබට සේවා කොන්දේසි වර්ධන දෙපාර්තමේන්තුව හා කම්කරැ සබදතා කොම්සම හරහා නීත්‍යනුකූල පියවර අනුගමනය කළ හැකිය.

ඉදිරියේදීත් ඔබට බලපාන කම්කරැ නීති පිලිබද වැඩිදුර තොරතුරැ ලබාදීමට වැඩබිම සූදානම්. ඔබේ සැබෑ අයිතිවාසිකම් පිළිබද දැනුමිවත් වන්න.

wadabima.lk වෙබ් අඩවියෙන් සම්පූර්නයෙම්ම උපටා ගන්නා ලද ලිපියකි

0 comments:

Post a Comment