18 Apr 2016

කොරියාවේ රැකියාවට යන ඔබ මේ ටිකත් දැනගන්න.(KOREAN)



කොරියාවේ තැපැල් කන්තෝරු

කොරියාවේ රැකියාවට ගොස් සිටින ඔබට මෙරට වෙසෙන ඥාතීන් හා සම්බන්ධ වීමට අත්‍යවශයෙන්ම උපකාරීවන ආයතනයක් ලෙස එරට තැපැල් කන්තෝරු පෙන්වා දිය හැක. ඔබගේ ඥාතීන්ට ලිපියක් යැවීමට පාර්සලයක් එවීමට ආදී බොහෝ කටයුතු සඳහා ඔබට එරට තැපැල් කන්තෝරු ප්‍රයෝජනවත් වේ.

කොරියානු තැපැල් කන්තෝරු සතියේ සින පහක් එනම් සදුදා සිට සිකුරාදා තෙක් එරට වේලාවෙන් උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතී. කොරියානු දේශය තුළ දින දෙකක් තුළ ලිපියක් හෝ පාර්සලයක් යැවිය හැක. ඔබට එය ඉක්මනින් යැවීමට අවශ්‍යය නම් සීඝ්‍රගාමී තැපෑල භාවිත කළ හැක. ඔබගේ මව්රට වන ශ්‍රි ලංකාවට හෝ වෙනත් රටකට ලිපියක් හෝ පාර්සලයක් යවන්නේ නම් ගුවන් මාර්ග හෝ නැව් මාර්ග භාවිතා කළ හැක.

ඔබ දැනගත යුතු කෙටි දුරකතන අංක

යම් යම් දේ දැන ගැනීම සඳහා මෙරටදී ඔබ කෙටි දුරකතන අංක භාවිත කරන්නා සේම කොරියාවේදී ද ඔබට කෙටි දුරකතන අංක මගින් ඔබේ අවශ්‍යතා සපුරාගත හැක. ඒ සඳහා අවශ්‍ය කෙටි දුරකතන අංක 4ක් ඔබගේ පහසුව සඳහා මෙසේ ඉදිරිපත් කරමු.

114 - යම්කිසි ස්ථානයක දුරකතන අංකයක් දැනගැනීමට
119 - හදිසි අවස්ථාවක් දැනුම් දීමට‍
113 - කාලගුණය පිළිබද දැනගැනීමට
116 - වේලාව දැන ගැනීමට

කොරියානු ආහාර

කොරියනුවෝ සිය ප්‍රධාන ආහාරවේල ගැනීමට ප්‍රථම "සුප් බදුනක්" පානය කිරීම අනිවාර්යෙන්ම සිදු කරයි. බත්, ස්ටු, වර්ග සහ විවිධ ව්‍යංජන වර්ග ඔවුන් සිය අහාරයට එක්කර ගනී.එම ආහාර ගනු ලබන "කිම්චි" නම් ව්‍යංජනය එරට බොහෝ ප්‍රසිද්ධ ව්‍යංජනයකි. ඊට අමතරව බිබිම්පප්, කල්බිදං,බුල්ගෝගි, බල්කුස්සු,  ජප්පේ, ජජං ම්‍යෙං, කිම්චි ජිකේ, සමික්‍යෙතං වැනි ආහාරද එරට ජනප්‍රිය ආහාර වර්ගවලට අයත් වේ.

කර්මාන්ත ශාලා ආශ්‍රිත සේවය.

කර්මාන්ත ශාලා ආශ්‍රිතව සේවය කරන ශ්‍රමිකයින් අනිවාර්යෙන්ම ආරක්ෂිත උපකරණ පැළද සේවය කළ යුතුය‍.එසේ නොකරන සේවකයින්ට අනිවාර්යෙන්ම දඩ මුදලකට යටත් වීමට සිදුවේ.

කොරියාවේ ප්‍රධාන සෘතු

වසන්ත, ගම්හාන, ශීත හා සරත් යන සෘතු හතරම කොරියාවේ පවතී. සීතල සෘතුවේ අවසානයත් සමඟම උදාවන වසන්ත සෘතුව බොහෝ විට මාර්තු, අපේල් හා මැයි යන මාසවල එළැබේ. වසන්ත සෘතුවේ අවසානයත් සමඟ උදාවන්නේ ලිම්හාන සෘතුවයි. එම වසරේ  ජූනි, ජූලි සහ අගෝස්තු මාසවල පවති. මෙ සෘතුවේ මැද භාගයේදී ක්‍රමක්‍රමයෙන් වැසි ඇද හැළීමට පටන් ගනී. දවස පුරාව මද වැසි ඇතිවීම මෙම සෘතුවේ ලක්ෂණයයි.

මෙම සෘතුවේ අවසානයේදී සරත් සෘතුව ආරම්භ වේ. යහපත් කාලගුණයක් ඇතිවන සෘතුවක් හේතුවෙන් කොරියානුවෝ බොහෝ දෙනෙක් සරත් සෘතුවට ඉතා කැමතිය. සරත් සෘතුවෙන් පසු සීත සෘතුව ආරම්භ වන්නේ දැඩි සීතලක් පරිසරයට එක්කරමිනි. කොරියාවේ බොහෝ ප්‍රදේශ හිම පතිත වීම මේ වකවානුවේදී සිදුවේ. මෙම සෘතුවේදී හිම ක්‍රිඩාවේ නිරතවන බොහෝ කොරියානුවන් ඔබට පහසුවෙන් දැකගත හැකි වනු ඇත. එමෙන්ම තවත් බොහෝ දෙනෙක් මෙම වකවානුව ගත කරන්නේ සිය නිවෙස් තුළ වෙසෙමිනි. මෙම කාලයේ දී කොරියානුවන් නිතර උණු සුප් පානය කිරීම සිදු වේ.

කොරියාවේ අලුත් අවුරුද්ද

කොරියාවේ අලුත් අවුරුද්ද සමරන්නේ බොහෝ බටහිර ජාතීන් මෙන් ජනවාරි 01 දිනය. කොරියාවේ ප්‍රධාන උත්සව අතරින් අලුත් අවුරුද්දට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

මෙදින වෙනදාටත් වඩා වේලාසන අවදිවන කොරියානුවෝ හොඳින් පිරිසිදු වි අලුත් අඳුම් පැළදුම් අඳිති. එය "සොල්පිම්" අඳීමයි. අනතුරුව සියලුම දෙනා එක්වී සිය වැඩිමහලු ඥාතීන්ට ගෞරවනීය වැඳීම් චාරිත්‍රය සිදු කරති. මෙම ගෞරවනීය වන්දනය ලැබූ වැඩිහිටියෝ බාලයන්ට මුදල් ත්‍යාග ලබාදීමක් සිදු කරති. එම චාරිත්‍රය කොරියනුවන් හඳුන්වන්නේ "සේපෙත්තොං" යනුවෙනි. අලුත් අවුරුද්දට සූදානම් කෙරෙන කෑම මේසයේ බත්, ව්‍යංජන සහ සුප්වලට අමතරව "තොක් කුක්" නම් විශේෂ සුප් වර්ලයක්ද වේ. හාල් පිටි කේක්වලින් සැදු මෙම සුප් වර්ගය පානය කිරීමෙන් එම වසරට වඩා වසරකින් ඉහළ යාමක් පිළිබද හැඟීමක් කොරියානුවන්ගේ සිත් තුළ ජනිත කරවන බව විශ්වාසයක් පවතී.

සිංහල අපි, අලුත් අවුරුද්දෙ හමුවන සෑම කෙනෙකුටම " සුබ අලුත් අවුරුද්දක් වේවා...! " යි කියමින් සුබ ප්‍රාර්ථනා කරනවා සේ, කොරියානුවන්ද අලුත් අවුරුද්දේ හමුවන සෑම කෙනෙකුටම සෙහේ පොග් මානි පතිසෙයෝ කිය සුබ පතයි. " සුබ අලුත් අවුරුද්දක් වේවා...! " යන අදහස එහි ගැබ්ව තිබේ. මෙදින කොරියානුවන් සිය සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා හැටියට සලකන ඓං ඉචිගි, යොන්නල්ලිහි, යුන්නොරී, මල්පව් නොරී ආදී ක්‍රීඩා කරමින් සතුටු වනු ඔබට දැකිය හැකිය.

කොරියානුවන් සමරන චුසොක් දිනය

තම මියගිය මුතුන් මින්තන්ට ස්තූති කිරීමේ විශේෂ දිනයක් කොරියානුවෝ සමරති. සෑම වසරකම අගේස්තු 15 දැනට යෙදෙන එම විශේෂ දිනය කොරියානුවන් හදුන්වන්නේ වූසොක් දිනය නමිනි.

මෙම ස්තූති කිරීමේ කිරීමේ දිනය "පොල්චෝ" සහ "සෝංම්‍යෙං" යනුවෙන් ප්‍රධාන ආචාර විධි දෙකක් යටතේ ඔවුහු චාරිත්‍ර සිදුකරති. තම මුතුන් මිත්තන්ගේ සොහොන්වලට ගොස් එම සොහොන් සුද්ද පවිත්‍ර කිරීම "පොල්චෝ" යනුවෙනුත් එම සොහොන්වලට ගොස් මියගියවුන්ට ආචාර කිරීම "සෝංම්‍යෙං" යනුවෙන් ඔවුහු වඳුන්වති. මෙහිදී අලුත් ධාන්‍යවලින් හාල්පිටි කේක් සාදා අලුත් පළතුරු සමඟ පළිගන්වමින් සිය ඥාති යනාදීන්ට ආචාර කිරීම කොරියානුවන්ගේ සිරිතකි.
  • අපගේ කොරියන් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  • මෙවැන ලිපි ඉක්මන්නින් දැනගන්න මෙතනින් පිවිස අපේ Facebook Page එකට ලයික් කරන්න.නැතිනම් පහතින් අපේ Facebook Page එකට ලයික් කර හැක.
  • මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
  • ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
  • දැන්ම සෙට් වෙන්න අපේ Facebook page‍ එකට
  • zwani.com myspace graphic comments

0 comments:

Post a Comment