6 Apr 2016

ප්‍රතිරූපය කෙටිකතාව

මහත්තයා කොහාටද යන්න ඕනා.
ඒ හඩ සමඟ මා කලබලයෙන් වටපිට බැලුවේ මගේ හිතේ සිතුවිලි සියල්ල එක්වර ජලය මත ඇඳි ඉරක් සේ පහව යන ගමන්ය.

මම මේ ඉහළවත්තේ ඉස්කොලෙට යන්නේ. දැන් මහත්තයෝ පරණ ඉස්සොලේ නැහැ නොවැ. දැන් තියෙන්නේ පාර අයිනේ මහ ඉස්කොලේ නේ. මහත්තයට වැරදිලාද.

නැහැ

මම පරණ ඉස්කොලේ ඉගැන්වූ පොඩි මැණිකේ මිස්ගේ පුතා.

අනේ මේ අපේ පරණ ඉස්කොලේ හාමිනේගේ පුතා නොවැ. දැන් අඳුරන්නත් බැහැ.

මේ සියදෝරිස් මාමා වෙන්නැ.

ඔය අඳුර ගත්තේ. පුතාට අපි අමතක නැහැ තාම.

අම්මා මේ ගමේ පාසලෙන් අයින් වෙලා ගිය පසු නැවත අම්මා සමඟ පැමිණි විටදි අම්මා කථා කළේ මේ සියදෝරිස් මාමා එක්ක නිසාත් අම්මා මේ ගම මතක් කරන විට සියදොරිස් මාමලාගේ පවුලෙන් අපිට තිබූ උදව් පදව් ගැනද නිතර මතක් කරන නිසාත් සියදොරිස් මාමා මට එකවර හැඳින ගැනීමට හැකි විය.

ඔව් ඉතිං මාමලා අපිට හැමදාම උදව් කලානේ. කෝ පුතේ අම්ම දැන්නම් දැක්කත් අඳුරන්න අමාරුනේ. දැන් අවුරුදු දහය දොළහක් විතර අතිනේ මෙහෙන් ගිහිල්ලා.

මාමේ අම්මා නැතිවුණා. ලබන මාසේ 24 වැනිදාට තුන් අවුරුද්දේ දානේ.ඉතිං දානේ ළං වොකොට මට හිතුනා අම්මාගේ ජීවිතේ වැඩිකාලයක් ගතකල මේ ගම මේ ඉස්කොලේ බලල යන්න ඕන කියලා.

අනේ පුතේ අම්මා මේ ගමට කොච්චර සේවයක් කල කෙනෙක්ද? අපිට ඉතිං මිනියවත් බලන්න එන්න බැරි වුනානේ. ඉතිං අපිට ඔය ආරංචි කියන්න මේ ගමේ කවුරුත් නැහැ පුතේ. ඒ උත්තමාවියට නිවන් සුවය ලැබෙන්න ඕන මේ ගමට කල සේවයට. කතාව සමඟ ගමන් කල නිසා මා නොදැනුවත්ම  ඉස්කෝලේ වත්තට පැමිණ ඇති බව මට වැටහිනි.

පාළු ගතිය වැලඳගත් පරිසරයක් කඩාවැටුනු පොල්අතු ශාලාවත් ටකරන් මඩුවත් පරිසරය අඳුරු ගතිය වැඩිකර ඇත. මීට අවුරුදු 20 කට පෙර මේ ඉස්කොලේ වත්තේ ගමේ ළමුන් නිතර සිටි තැනකි. පැසැලේ සිටියේ අපේ අම්මත් සමඟ ගුරුවරු තිදෙනෙකි. මුලු ගුරුතුමිය විදියට අපේ අම්මා  මෙම පැසලේ නැවති ගමේ අය සමඟ පාසලේ වැඩකටයුතු කලේ ගමේ කෙනෙක් ලෙසය.

පැසැල් වත්තේ වම් පැත්තට වන්නට ඉදිකල කාමර දෙකක් කුස්සියත් සමඟ නිවස අපේ නිවස වේ. ගමේ සියලු දෙනා විශේෂ දිනවලදී හැදු කැමක් බීමක් හෝ වරක ගෙඩියක් කැඩුවත් අපේ නිවසට ගෙනත් දෙයි. අම්මා මැරෙන්න ආසන්න කාලයේ මේ ගම ගැන නිතර නිතර කිව්වේ අම්මාගේ ජීවිතය මෙම පැසල නොවේදැයි මට දැන් සිතේ. එසේම අම්මාගේ අවස්න කාලය කෙසේ හෝ මෙම ස්ථානයට රුගෙන ආවානම් අම්මා කෙතරම් සතුටට පත්වෙනවා කියා දැන් මට සිතේ. වැඩි ඇල්මක් නොතිබූ මමද අද මෙම පරිසරය දැක හිතෙන දේවල් මෙන් සිය ගුණයක් දේවල් අම්මගේ හිතට ඇතිවුන බව නිසැකයි.

ලොකු හාමින් උගන්නපු කාලේ තමයි ඉතිං මගේ එවුන් තුන්දෙනාම ඉස්කොලේ ආවේ. ලොකු එකානම් මුල් පංතියට විතරයි ගියේ. ඌනම් ගෙන්නම බැරිවුනා. දැන්නම් පහළවත්තේ කුඹුරු ඉඩම් හදාගෙන ඉන්නවා. ඉගෙන ගත්තේ නැතිවුනාට ඉඩම් වැඩට දක්ෂයි. දෙවැනි එකී තමයි ඉතිං පහේ පංතියට ගියේ. ඒකී නම් හිරිපියේ ලියන මහත්තයාගේ කන්තෝරුවේ වැඩ. බාල එකා නම් ඉතිං ලොකු හාමිනේ යද්දි බාල පංතියේ. ඌනම් දැන් කොළඹ පැත්තේ වැඩපල වැඩ. ඌ එන්නේ මාස හයකට සැරයක්.

ඉතිං දැන් මහත්තයා මොකද කරන්නේ.

මම කටුබැද්ද ඉස්කෝලේ උගන්වනවා.

කොච්චර දෙයක්ද අම්මා වගේම දරුවන්ගේ ඇස් පැදන එක. ඒක කොකු පිනක් පුංචි මහත්තයෝ.

ගුරුවරයා දෙවියට සමාන කරන්නේ ඇයිදැයි මට අද තේරේ. නැවත කටුබැද්දට ඒමට ගමේ පාරට ආවේය. සියදෝරිස් මාමා හමුවන හැම කොනෙකුට මා ගැනත් අම්මාගේ විස්තරත් පවසන ලදී. අම්මා මට මහමෙරක් ලෙස දැනේ. එසේම අම්මව අවංකවම ලෙංගතුකම සිතේ පැලපැදියම් කරගත් පිරිසක්ද මේ ගමේ සිටින බව මට වැටහේ. අම්මා මිය යන්නට පෙර මේ ගමේ අම්මා ඉගැන්වූ මේ පරණ ඉස්කොලේ නැතිව අළුතින් ගොඩනඟා අති පාසල දැක්කම අතිවන සතුටත් කෙතරම්ද කියා මට නැවත සිතේ.

 -ජේ. ප්‍රියන්ත සාගර-
  • මෙවැනි වටිනා ලිපි හැමදාමත් ඔබට ගෙන එක මම සමීර කරුණාරත්න.
  • අපගේ පුස්තකාලයට මෙතනින් පිවිසෙන්න.
  • මෙවැනි දේවල් ඉක්මනට දැන ගන්න  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න. 
  • මෙතනින් අපේ Facebook page එකට පිවිසෙන්න 
  • ඔබගේ අදහස් පහතින් පහතින් සටහන් කරන්න
  •  දැන්ම අපේ Facebook page එකට  ලයික් කරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment